ඇමරිකාව තම පතොරම් ඊශ්‍රායලයට ප්‍රවාහනය කිරීම අත්හිටුවා ඇතැයි ඊශ්‍රායලය කියයි
2024-05-06 09:21:01
Share with:

ඇමරිකානු රජය එරට නිෂ්පාදිත පතොරම් ඊශ්‍රායලයට ප්‍රවාහනය කිරීම අත්හිටුවා ඇති බව ඊශ්‍රායල නිලධාරීහු පවසති.

ඇමරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන AXIOS ඊයේ (5) වාර්තා කළේ, ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකු එම මාධ්‍යය වෙත මේ පිළිබඳව ප්‍රකාශ කළ බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි ආරම්භ වීමෙන් පසු ඇමරිකාව ඊශ්‍රායල හමුදාවට ආයුධ ලබා දීම නතර කළ පළමු අවස්ථාව මෙයයි.

එය ඊශ්‍රායල රජයේ දැඩි කණස්සල්ලට හේතු වී ඇති අතර, අදාළ බලධාරීන් ඊට බලපා ඇති හේතු සවිස්තරාත්මක ව සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

ඇමරිකානු ධවල මන්දිරය, ආරක්ෂක දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව යන කිසිදු ආයතනයක් මෙතෙක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම