චීන ජනපතිට ප්‍රංශයේ දී උණුසුම් පිළිගැනීමක්
2024-05-06 14:55:09
Share with:

චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුවන චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රංශ නිල සංචාරය අංශ ගණනාවකින් ඉතා වැදගත් වන බව ප්‍රංශයේ සෑම තරාතිරමකම ජනතාව කියාසිටිති. ජනාධිපති ෂී ජින්පිං මහතා තම රටට සාදරයෙන් පිළිගන්නා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ චීන-ප්‍රංශ සබඳතා අඛණ්ඩව වර්ධනය වෙමින් දෙරට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීම යි.

චීන ජනාධිපතිවරයා සිය යුරෝපා සංචාරයේ දී යළිත් ප්‍රංශය තෝරා ගැනීම අහම්බයක් නොවන බවත්, චීන-ප්‍රංශ මිත්‍රත්වයට දිගුකාලීන ඉතිහාසයක් ඇති අතර එය ඉතා වැදගත් වන බවත් ප්‍රංශ ජාතික සභාවේ ප්‍රංශ-චීන මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති Eric Alauzet මහතා පැවසීය. එසේම, ලොව බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමේ දී චීනය සහ ප්‍රංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු පෙන්වා දෙයි.

චීන ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණීම ගෞරවයක් ලෙස සලකන බව ප්‍රංශ නිර්මාණ සංගමයේ සභාපති Anne-Marie Sargueil මහත්මිය ප්‍රකාශ කළාය. මෙවර සංචාරය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි 60 වැනි සංවත්සරය සැමරීමක් පමණක් නොව අනාගතය පිළිබඳ අපේක්ෂා දැල්විය හැකි අවස්ථාවක් බව ද ඇය කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම