අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක්
2024-05-06 16:21:14
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බවය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම