අප්‍රේල් මාසයේ ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 49.9% ක්
2024-05-06 11:26:52
Share with:

පසුගිය අප්‍රේල් මාසයේ ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 49.9% ක් වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 0.4% ක අඩුවීමකි.

චීන භාණ්ඩ ප්‍රවාහන සහ ගැනුම් සම්මේලනය අද (6) නිකුත් කළ දත්තවල මේ බව සඳහන් විය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ පෙර මාසයට සාපේක්ෂව අප්‍රේල් මස ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වූ නමුත් මූලික වශයෙන් මධ්‍යස්ථ ප්‍රකෘති ප්‍රවණතාවක් අඛණ්ඩව පැවති බවයි.

වත්මන් ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ අවිනිශ්චිතභාවය තවමත් පවතින බව විශේෂඥයෝ පවසති. විවිධ රටවල මුදල් ඒකක හා මූල්‍ය ප්‍රතිපත්තිවල උච්චාවචනයන් ආර්ථිකයට වැඩි බලපෑමක් ඇති කරයි. ඊට අමතරව, භූ දේශපාලනික ගැටුම් තවමත් පවතින අතර, එය ගෝලීය කාර්මික හා සැපයුම් දාමවලට බලපාමින් ආර්ථික මෙහෙයුම් පිරිවැය වැඩි කරන බව සැලකේ.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම