ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර, විප්ලවීය පියවරක් බවත් ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. රජය ලබා දුන් මෙවැනි දායකත්වයන් වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකරමින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
හෙතෙම මේ බව සඳහන් කළේ, මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පොළොන්නරුව දිස්ත්රික් සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.