ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ 15 වැනි සැසිවාරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-04 19:15:31
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(04) ගැම්බියාවේ Banjul අගනුවර දී ආරම්භ වූ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ 15 වැනි සැසිවාරයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත. චීනය සහ ඉස්ලාමීය රටවල් දිගුකාලීන මිත්‍රත්වයක් ඇති සමීප මිතුරන් බව චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් සහ දේශපාලනික අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් සහතික කරමින් ඉස්ලාමීය රටවල් සමග ඉදිරියටත් කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී. ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට, ශිෂ්ටාචාර අතර හුවමාරු පුළුල් කිරීමට සහ මිත්‍රශීලී සහයෝගිතා අඛණ්ඩව වැඩි දියුණු කිරීමට ඉස්ලාමීය රටවල් සමග අඛණ්ඩව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම