අමාත්‍යංශ දෙකක විෂයපථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2024-05-04 16:32:38
Share with:

අමාත්‍යංශ දෙකක විෂයපථ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට එක් කර ඇත..

එමෙන්ම ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත එක්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත..

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම