චීන-යුරෝපා සංගමයේ පාරිසරික සහ දේශගුණික සහයෝගිතාව පිළිබඳ විශේෂ වාර්තාව නිකුත් කෙරේ
2024-05-04 15:36:24
Share with:

“චීන-යුරෝපා සංගමයේ පාරිසරික සහ දේශගුණික සහයෝගිතාව: ප්‍රගතිය සහ අපේක්ෂා” යන බුද්ධි මණ්ඩල වාර්තාව ඊයේ(3) නිකුත් කෙරිණ.

ෂී ජින් පිං මහතාගේ පාරිසරික ශිෂ්ටාචාර පිළිබඳ චින්තන පර්යේෂණ මධ්‍යස්ථානය, චීන ජාතික බලශක්ති සංරක්ෂණ මධ්‍යස්ථානය, Xinhua පුවත් සේවා පර්යේෂණ ආයතනය සහ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යා හා තාක්ෂණ උපායමාර්ගික උපදේශන ආයතනය එක්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.

පාරිසරික අභියෝග හමුවේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ සංවර්ධිත රටවල විශාලතම සංගමය ලෙස චීනය සහ යුරෝපා සංගමය, වගකීම භාර ගෙන පාරිසරික සහ දේශගුණික සහයෝගිතාව සිදු කළ යුතු අතර, පෘථිවියේ තිරසාර සංවර්ධනය පවත්වා ගැනීමට අත්වැල් බැඳ ගත යුතු බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි. පරිසරය සහ දේශගුණය පිළිබඳ චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාවයේ ඉතිහාසය සවිස්තරාත්මකව සමාලෝචනය කරමින්, මෙම වාර්තාව මගින් පරිසරය සහ දේශගුණය පිළිබඳ චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාවයේ ප්‍රතිඵල සහ සඵලතාවය සාරාංශ කර ඇත. එමෙන්ම පරිසරය සහ දේශගුණය පිළිබඳ චීන-යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගීතාව ඉන් අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම