“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය ප්‍රංශයේ විකාශය කෙරේ
2024-05-04 15:27:07
Share with:

 “ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය ප්‍රංශයේ ප්‍රධාන මාධ්‍යයන් හි විකාශය කෙරේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රංශයේ නිල සංචාරයට එක්වීම නිමිත්තෙන් පසුගිය 2වැනි දා සිට එම වැඩසටහන හඳුන්වා දීමේ සහ පූර්ව ප්‍රචාරක පට එරට ප්‍රධාන මාධ්‍යයන් රැසක විකාශය කර තිබේ. Euronews, Entreprendre මාධ්‍ය සමූහය, Daily Motion යන මාධ්‍යයන් ඊට ඇතුළත් ය. එම හඳුන්වා දීමේ හා පූර්ව ප්‍රචාරක වීඩියෝ චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද්දකි.

“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය, එතුමාගේ වැදගත් දේශන, ලිපි, සංවාද තුළින් උපුටා දක්වා ඇති චීනයේ සම්භාව්‍ය උද්ධෘත පාඨ සංග්‍රහයකින් සමන්විත වේ. ෂී ජින්පිං මහතාගේ දේශපාලන ප්‍රඥාව හා ඉතිහාසය හා ආවේණික සංස්කෘතිය කෙරෙහි හෙතෙම දැක්වූ අවබෝධය එමගින් ප්‍රශස්ත ලෙස පෙන්නුම් කර තිබේ. එසේ ම, නව යුගය‍ට උචිත පරිදි, චීන ජාතියේ කැපී පෙනෙන සාම්ප්‍රදායික සංස්කෘතියේ අන්තර්ගතයන් හා එහි ගෝලීයකරණ වටිනාකම් ද එහි අන්තර්ගත වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම