සර්බියාවේ සැබෑ මිතුරා චීන ජනාධිපතිවරයා බව සර්බියානු ජනපති පවසයි
2024-05-04 16:21:31
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සර්බියාවේ "සැබෑ මිතුරා" වන බව සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මේ වන විට චීනය සහ සර්බියාව අතර වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා ළඟා වී ඇති අතර දෙරට අතර සහයෝගිතා ක්ෂේත්‍රවලට කර්මාන්ත, සංචාරක සහ යටිතල පහසුකම් යනාදි අංශ ඇතුළත් වන බව Aleksandar Vučić මහතා පැවසීය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ද 2023 වසරේ දී අත්සන් කෙරිණ. එය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට නව ජීවයක් ලබා දී තිබෙන බව ඔහු සඳහන් කළේය.

2016 සිට, ‍චීන-සර්බියානු සබඳතාව ඉහළ මට්ටමක පවතින අතර දෙපාර්ශ්වයේම මූලික අවශ්‍යතා සහ අවබෝධය උදෙසා වැඩි ඉඩක් ලබා දෙමින් දෙරටේ දේශපාලනික අන්‍යෝන්‍ය විශ්වාසය ද තහවුරු කර ඇත. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ අධි ගුණාත්මකභාවයෙන් ඒකාබද්ධව ගොඩනැගීමේ දී දෙරටම උසස් ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර බහුපාර්ශ්වික ක්ෂේත්‍රවල සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගෙන තිබෙන බව Vučić මහතා අවධාරණය කළේය. දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවල විශාල ප්‍රගතියක් ලබා ඇති අතර ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ දී එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය ද මනාව පෙන්නුම් කර ඇතැයි හෙතෙම පැවසීය.

මෑත වසරවලදී, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය අඛණ්ඩව ගැඹුරු වෙමින් පවතින අතර, දෙරට අතර සෘජු ගුවන් ගමන් අඛණ්ඩව වැඩි වී ඇත. එය මිනිසුන් අතර සම්බන්ධතාවයට මනා පදනමක් වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

ජනාධිපති ෂී ජින් පිං මහතා දූරදර්ශී නායකයෙකු වන අතර සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කළ හැකි ලෝකයේ නායකයින් කිහිපදෙනා අතරින් එක් අයෙක් වන බව ද Vučić මහතා පවසයි. ෂී ජින්පිං මහතා යෝජනා කළ පුළුල් බලපෑමකින් යුතු "ප්‍රධාන ගෝලීය මුලපිරීම් තුන" ජාත්‍යන්තර ප්‍රජාවට ජයග්‍රාහී සහයෝගිතාව සඳහා විධිමත් රාමුවක් සපයන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම