නව පරිභෝජන රටාවන් සමඟ බලගැන්වෙන චීනයේ ආර්ථික සංවර්ධනය
2024-05-03 14:49:36
Share with:

සෑම වසරකම ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමය, චීනයේ පාරිභෝගික වෙළඳපොළ සඳහා වඩාත් සක්‍රීය ප්‍රශස්ත කාල පරිච්ඡේදයකි. ඒ අතරින් සංචාරක පරිභෝජනය, හරිත පරිභෝජනය, අත්දැකීම් සහිත පරිභෝජනය සහ ස්මාර්ට් පරිභෝජනය ඇතුළු නව මාදිලියේ පරිභෝජනයන් සමඟ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වැදගත් සාධකයක් බවට පත්ව ඇත.

චීනයේ නව සංවර්ධන රටාව තුළ, ආර්ථික වර්ධනය සඳහා පළමු ගාමක බලවේගය පරිභෝජනය වන අතර නව මාදිලියේ පරිභෝජනය, පාරිභෝගික ඉල්ලුම පුළුල් කිරීමේ වැදගත් බලවේගයකි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් නිර්මාණය වූ මෙම "නව සංවර්ධන රටාව" අනුව, ජනතාවගේ පාරිභෝගික ඉල්ලුම පුළුල් කිරීමේ දී, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම සඳහා වන පාරිභෝගික ඉල්ලුම පුළුල් කිරීම පමණක් නොව, නව පරම්පරාවේ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ නැඟී එන කර්මාන්ත ඇසුරින් ශක්තිමත් හා නව පාරිභෝගික වෙළඳපොලක් ගොඩනැගීම ද වැදගත් කොට සලකයි.  උදාහරණයක් ලෙස, මාර්ගගත ක්‍රමයෙන් වෙළඳ භාණ්ඩ අලෙවි කිරීම, ආහාර නිවසට බෙදා හැරීම සහ මාර්ගගත වෛද්‍ය සත්කාර ආදිය මගින් නියෝජනය කෙරෙන ඩිජිටල් පරිභෝජනය, මුළු නිවසම ස්මාර්ට් ලෙස සැලසුම් කිරීම සහ පුද්ගල සබැඳි රූපලාවන්‍ය කටයුතු යනාදියෙන් නියෝජනය වන පෞද්ගලික විශේෂ ලක්ෂණ සහිත පරිභෝජනය, නව මාදිලියේ පරිභෝජනයට ඇතුළත් වේ. මේ ඔස්සේ නව පරිභෝජන රටා නිර්මාණය කරමින් නව ආර්ථික

නව පරිභෝජනය සඳහා වන වෙළඳපොළ කෙතරම් විශාල ද? නව බලශක්ති වාහන උදාහරණයක් ලෙස ගතහොත්, චීනයේ නව බලශක්ති වාහන බැටරි තාක්ෂණය, ස්වයංක්‍රිය රිය පැදවීම සහ පුද්ගලීකරණය කරන පාලනය යනාදී තාක්ෂණයන් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. දැනට චීනයේ අලෙවි වන සෑම නව මෝටර් රථ 10කින් 4ක්ම නව බලශක්ති වාහන වන අතර, මෙම අනුපාතය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

මිලියන 400කට වැඩි මධ්‍යම ආදායම්ලාභී පිරිසක් ඇතුළු බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනය, ලොව දෙවන විශාලතම පාරිභෝගික වෙළඳපොල මෙන්ම දැවැන්තම භාණ්ඩ වෙළඳ සහිත රට වේ. එහෙයින් ලෝකය සඳහා, චීනයේ නව පාරිභෝගික වෙළඳපොලේ වර්ධනය, අසීමිත ප්‍රතිලාභ ගෙන දෙන වටිනා ව්‍යාපාරික අවස්ථාවකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම