‘ෂී ජින්පිං සහ විශ්වවිද්‍යාල සිසු මිතුරෝ’ යන මැයෙන් යුත් ග්‍රන්ථයේ දෙවැනි වෙළුම බෙදා හැරේ
2024-05-03 15:19:25
Share with:

‘ෂී ජින්පිං සහ විශ්වවිද්‍යාල සිසු මිතුරෝ’ යන මැයෙන් යුත් ග්‍රන්ථයේ දෙවැනි වෙළුම රට පුරා බෙදා හැරේ. මෙය පසුගිය දා චීන යොවුන් ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

2020 වසරේ නොවැම්බර් මාසයේ ‘ෂී ජින්පිං සහ විශ්වවිද්‍යාල සිසු මිතුරෝ’ යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එයට සිසු-සිසුවියන්ගේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. එහි දෙවැනි වෙළුම, සංවාද ලිපි 24ක් ඔස්සේ ෂී ජින්පිං මහතා ප්‍රාදේශීය රජයන් හි මෙන් ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රාජකාරි කරන සමයේ විශ්වවිද්‍යාලවල නිරීක්ෂණ චාරිකාවන් සිදු කිරීම සහ සිසුන්ගේ තත්ත්වය විමසා බැලීම පිළිබඳ විග්‍රහ කෙරේ. ෂී ජින්පිං මහතා විශ්වවිද්‍යාල සිසු-සිසුවියන්ගේ ගුණාංග හා නිපුණතා වර්ධනය කිරීම වෙත ඉහළ අවධානයක් දැක්වීම එමගින් පිළිබිඹු කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම