චීන-ප්‍රංශ සබඳතා පිළිඹිබු කරන “නාවික පාසල”වාර්තා චිත්‍රපටය චීන මාධ්‍ය සමූහය ඔස්සේ විකාශනය ඇරඹේ
2024-05-03 15:37:05
Share with:

මැයි මාසයේ 2වැනිදා සිට 4වැනිදා දක්වා රාත්‍රී 8:00 ට, චීන මාධ්‍ය සමූහයේ වාර්තාමය නාලිකාව (CCTV-9) කථාංග හයකින් යුත් “නාවික පාසල” නම් වාර්තා චිත්‍රපටය විකාශනය කරයි. එය චීනයේ පළමු ප්‍රංශ විලාසිතාවේ විශ්වවිද්‍යාලය වන Fujian නාවික පාසලේ වඩාත් ජනප්‍රිය කතාංගයක් ඇතුළත් සිනමා පටයකි.

1866 වසරේ දෙසැම්බර මාසයේදී, චීන ඉතිහාසයේ පළමු ප්‍රංශ විලාසිතාවේ විශ්වවිද්‍යාලය වන Fujian නාවික පාසල, Fujian පළාතේ Mawei හි පිහිටුවන ලදි. මෙම පාසල විවෘත ආකල්පයකින් යුතුව බටහිර තාක්‍ෂණය පිළිබඳ හඳුන්වා දෙන අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කර තිබේ. Yan Fu සහ Deng Shichang වැනි උසස් තීක්ෂණ බුද්ධියකින් හෙබි විශාල පිරිසක් එහි පුහුණුව ලබා තිබේ. එය නූතන චීනයේ දේශපාලනය, ආරක්ෂක කටයුතු, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය, රාජ්‍යතාන්ත්‍රිකත්වය, මතවාද සහ සංස්කෘතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. මෙම පාසල චීනයේ නවීන සමුද්‍ර අධ්‍යාපනයේ සහ නාවික හමුදාවේ තොටිල්ල ලෙස ද හඳුන්වන අතර,  මෙය චීන-ප්‍රංශ සංස්කෘතික හුවමාරුවලදී පුරෝගාමී භූමිකාවක් ද ඉටු කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම