ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
2024-05-03 16:36:59
Share with:

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබේ.

මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු නිරාකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වැය කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම