අපනයන ආදායම ඉහළට
2024-05-03 16:35:52
Share with:

 

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වා සියයට 9.8කින් ඉහළ ගොස් ඇත.

සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් දක්නට ලැබුණු අතර ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයනවල පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවේ මේ බව සඳහන් විය. අපනයන ඉපැයීම්වල සිදුවූ කැපී පෙනෙන වර්ධනය වෙළෙඳ හිඟය 2024 වසරේ මාර්තු මාසයේ දී පහළ යෑම සඳහා උපකාරී වූ බව මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ වාර්තා වී ඇති වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මාස 18කට පසු වාර්තා කරන ලද වැඩිම අපනයන ආදායම වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම