ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළට
2024-05-02 16:44:41
Share with:

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මාර්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරයි.

දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මහ බැංකුව ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි.

එසේම මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමකි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවත් අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම