පොලී අනුපාතය වෙනස් නොකරන බවට ඇමරිකා ෆෙඩරල් සංචිතය ප්‍රකාශ කරයි
2024-05-02 17:53:20
Share with:

පොලී අනුපාතය වෙනස් නොකරන බවට ඇමරිකා ‍ෆෙඩරල් සංචිතය පවසයි. මේ අනුව, පොලී අනුපාතය 5.25% - 5.5% අතර අගයක පවතිනු ඇත. එසේ ම, එළඹෙන ජූනි මාසයේ සිට භාණ්ඩාගාර සුරැකුම්පත් කොටස්වල මාසික නිකුත් කිරීමේ සීමාව අඩු කිරීමෙන් සුරැකුම්පත් අගය පහත වැටීමේ වේගය ද අඩු කෙරෙනු ඇත.

එම සංචිතයේ දෙදින මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීම ඊයේ(01) අවසන් විය. ගතවූ වසර තුළ, එරට උද්ධමන අනුපාතය පහත වැටුණ ද, එය ඉහළ මට්ටමක පවතින බව එම සංචිතය නිවේදනය කරයි.

ඇමරිකා ෆෙඩරල් සංචිතයේ සභාපති Jerome Powell මහතා රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ, වර්තමානයේ ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම අඛණ්ඩ ව ශක්තිමත් වන බවයි. උද්ධමනය අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයන් හමුවේ පොලී අනුපාතය අඩු කිරීම ප්‍රමාද වීම සුදුසු බව ද හෙතෙම සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම