Meizhou—Dabu අධිවේගී මාර්ගයේ සිදු වූ නාය යාම පිළිබඳ චීන ජනපතිගේ විශේෂ අවධානය
2024-05-02 15:29:23
Share with:

ඊයේ(1) 2:10 ට පමණ, චීනයේ Guangdong පළාතේ Meizhou නගරයේ Meizhou—Dabu අධිවේගී මාර්ගයේ Chayang කොටසේ නාය යාමක් සිදු විය. අද (2) උදෑසන වනවිට වාර්තා වූ තොරතුරු අනුව මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 30‍ දෙනෙකු තුවාල ලබා ඇත.

ව්‍යසනයෙන් පසුව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති සහ චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එයට විශේෂ අවධානයක් යොමු කරමින් ඊට අදාළ උපදෙස් නිකුත් කළේය. තුවාල ලැබූවන් බේරා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බවත්, ජනතාවගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සහ සමස්ත සමාජ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සැඟවුණු අවදානම් කඩිනමින් විමර්ශනය කර ක්‍රියා කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.

මේ වන විට චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශය සහ අනෙකුත් දෙපාර්තමේන්තු එම කාර්යය මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් එම ස්ථානයට යොමු කර ඇත. ස්ථානීය සෙවීම් සහ මුදාගැනීම්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම, රථවාහන පාලනය සහ පසු විපරම් කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම