ඇමරිකාව වරින් වර අයුතු ලෙස නිෂේධ බලය භාවිත කිරීම සිය වගකීම් බිඳ හෙළීමක් බව චීනය පවසයි
2024-05-02 16:23:25
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳව ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්‍රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් බිඳ හෙළීමක් බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීම අමතමිනි.

ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක එල්බ සිටිමින් ගාසා තීරයේ පවතින ගැටුම් අත්හිටුවීමටත් ව්‍යසනය සමනය කිරීමටත් සිය කාර්යභාරය ඉටු කළ යුතු බව හෙතෙම කියාසිටියේය. විවිධ පාර්ශ්වයන් සමග එක්ව පලස්තීන ගැටළුව සදාචාරත්මක, සාධාරණ අයුරින් විසඳීමටත් පලස්තීනයේ හා ඊශ්‍රායලයේ යහපැවැත්මට මෙන් ම මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය වෙනුවෙන් ද කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Fu Cong මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම