
ලෝක සෞඛ්‍ය සමුළුවට චීනයේ තායිවාන ප්‍රදේශයේ සහභාගීත්වය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙයි.
අදාළ ප්‍රකාශය එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශන තුන බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත්, චීනය මේ සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බවත් එම ප්‍රකාශකයා පැවසීය. ලෝකයේ ඇත්තේ එකම චීනයකි. එමෙන්ම තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. ලෝක සෞඛ්‍ය සමුළුව හරහා තායිවානය ආශ්‍රිත ගැටළු හුවා දැක්වීම නතර කරන ලෙස චීනය නැවත වරක් ඇමරිකාවෙන් ඉල්ලා සිටී. “චීනය පාලනය කිරීම සඳහා තායිවානය භාවිතා කිරීමේ” උත්සාහයට ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස විරුද්ධ වන අතර එය අසාර්ථක වනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.