ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සාර්ථක කර ගැනීමට ආණ්ඩුව සමඟ එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්
2024-05-02 16:37:53
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇඳ වැටීමට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම