වතු සේවක වැටුප ඉහළට
2024-05-01 15:22:47
Share with:

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700ක දක්වා ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මකයි.

එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර දැනුවත් කරන ලෙස ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම