මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම කොළඹ දී රැස්වේ
2024-05-01 15:23:47
Share with:

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB) ආසියා කලාපීය උපදේශක කණ්ඩායම කොළඹ දී රැස් විය. මෙම සාකච්ඡාවේ දී සමීපව අධීක්ෂණය කළ යුතු වූ මෑත කාලීන මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සහ දුර්වලතා පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව, කලාපය පුරා අතත්‍ය (crypto) වත්කම් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි නියාමන රාමුව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ මෙන්ම කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෑත කාලීන වර්ධනයන්, මූල්‍ය අංශය තුළ එහි භාවිතයන් සහ මූල්‍ය ස්ථායීතාව සඳහා ඇති බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ චීනයේ හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක එඩි යු මහතා විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය දරන ලදී. බෲනායි, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල හා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සාමාජිකයින් මෙම රැස්වීමට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම