ලොව සියලු සතුටේ උල්පත ශ්‍රමයයි
2024-05-01 16:43:17
Share with:

චීන ජාතිකයින් සෑමවිටම වෙහෙස මහන්සි වී වැඩ කරන, නිර්මාණශීලී දක්ෂ ජාතියක් බව ලොවම පිළිගන්නා කරුණකි. අතීතයේ සිටම වැඩ කිරීමේදී ඇති නිර්මාණශීලී බව නිසාම චීනයට දිප්තිමත් ඉතිහාසයක් ද හිමිව ඇත. එම හැකියාවෙන් චීනය අද වනවිට බොහෝ ජයග්‍රහණ ලබා ඇත.

"ලොව පවතින සියලු ආකාරයේ සතුට භුක්ති විඳීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍ය වේ" යනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයාට ලෙස අලුතින් තේරී පත් වෙමින් ෂී ජින්පිං මහතා 2012 වසරේ නොවැම්බර් 15 වන දින, චීන සහ විදේශීය මාධ්‍යවේදීන් හමු‍වේ ප්‍රකාශ කළේය. වැඩකරන ජනතාව අතරින්ම පැමිණි ෂී ජින්පිං මහතා අවබෝධ කර ගත්තේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පමණක් ගැමියන්ගේ ජීවිත වඩා යහපත් කළ හැකි බවයි. චීන ජාතියේ මහා පුනර්ජීවනය සැබෑ කළ හැක්කේ ශ්‍රමිකයින්ගේ ශක්තියෙන් පමණක් බව ඔහු පැහැදිලි කළේය.

පළාත් පාලන ආයතනවල සිට මධ්‍යම රජය දක්වා, වගා බිම්වල සිට කාර්යාල කටයුතු දක්වා, පැමිණි ගමන්මගේ දී ෂී ජින්පිං මහතා යනු තමා කරන දේ ප්‍රායෝගිකව වෙහෙස මහන්සියෙන් සිදු කළ පුද්ගලයෙකි. ඔහු දරිද්‍රතාවය පිටුදැකීමේ කාර්යයට සක්‍රීය ලෙස සහභාගී වූ අතර වසර 12 ක් අඛණ්ඩව ස්වේච්ඡාවෙන් අගනුවර රුක් රෝපණ කටයුතුවලට ද සහභාගී විය. එලෙස වැඩකරන ජනතාව සමග සිටීමට ඔහු නිරතුරුවම කටයුතු කළේය.

ශ්‍රමිකයන්ට ප්‍රශංසා කිරීමේ සම්මන්ත්‍රණ රැසකදී, ආදර්ශමත් සේවකයන් ආදර්ශයට ගෙන නිපුණ ශ්‍රමය තුළින් යහපත් අනාගතයක් නිර්මාණය කරන ලෙස ඔහු සමස්ත චීන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සෑමවිටම ශ්‍රමිකයන්ට යොමු කළ පිළිතුරු ලිපි වලදී, ෂී ජින් පිං මහතා ශ්‍රමයේ විශිෂ්ට ජීවගුණය පිළිබඳව ප්‍රශංසා කළේය. දැවැන්ත ව්‍යාපෘති ඉදිකිරීම් ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ චීන ජනපතිවරයා, ශ්‍රම අරගලයේ ආශ්චර්යයන් අඛණ්ඩව නිර්මාණය කිරීමට ඉදිකිරීම් ශිල්පීන් දිරිමත් කිරීමට ද අමතක නොකළේය.

ගුවන් විදුලිය
20240723අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම