‘අපගේ මතක සටහන් පිළිබඳ පොතක් රචනා කිරීම මගේ පැතුමක්’---සර්බියානු ජනපති කියයි
2024-05-01 14:48:28
Share with:

සර්බියාවේ ජනාධිපති Aleksandar Vučić මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවස්ථා ගණනක දී හමු වී තිබේ. එම නායක දෙපළ අතර කලක් තිස්සේ ගොඩනැගුණු නොබිඳෙන මිත්‍රත්වයක් පවතී.

  2016 වසරේ, ‘සර්බියාවේ අභිමානය’ ලෙසට සැලකෙන, වසර සියයක පමණ ඉතිහාසයක් හිමි එරට වානේ කම්හල බංකොලොත්භාවයේ දැඩි අවදානමට පත්විය. මෙම හදිසි අවස්ථාවේ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් චීන ව්‍යවසායන්ගේ ආධාර යටතේ එම කම්හල යළි පණගන්වනු ලැබීය. එහි සේවක සේවිකාවන් 5000 කට වැඩි පිරිසකගේ සේවා නියුක්තිය යළි සහතික කිරීම ද විශේෂත්වයකි.

2020 වසරේ නව කොරොනා වසංගතය හමුවේ පීඩාවට පත් තම රට වෙනුවෙන් Aleksandar Vučić මහතා ලොවෙන් කිසියම් පිළිසරණක් පැතීය. එම අවස්ථාවේ දී ෂී ජින්පිං මහතා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සියලු දේ පිළිබඳව විමසා බැලීය. අනතුරුව, විවිධ වෛද්‍ය සැපයුම් සර්බියාව වෙත ප්‍රවාහනය කෙරිණ. චීන නායකයා තමා කෙරෙහි දක්වන ‘යකඩ මෙන් සවිමත් මිත්‍රත්වය’ Aleksandar Vučić ජනාධිපතිවරයා නිතර සිහිපත් කරන්නේ අතිශය කෘතවේදී ළෙන්ගතු හැඟීමකින් යුතුව ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම