
චීන-සර්බියා මාධ්‍ය බුද්ධි මණ්ඩල සංසදය ඇරඹීම සහ ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම සඳහා වන නව යුගයේ වටිනාකම හා ප්‍රායෝගික ජයග්‍රහණ’ පිළිබඳ සර්බියානු භාෂා අනුවාදයේ බුද්ධි මණ්ඩල වාර්තාව නිකුත් කිරීම සිදු කෙරේ. එම උළෙල ඊයේ(30) සර්බියාවේ Belgrade නුවර දී පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සර්බියාවේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන් දෙරටේ මාධ්‍යයන් හි විද්වතුන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම හා දෙරටේ සබඳතාව පිළිබඳව සාකච්ඡාවට ලක් කිරීම සහ එම වාර්තාව නිකුත් කිරීම ඉතා වැදගත් බව උළෙලට සහභාගි වූවන්ගේ අදහස වී ඇත.
එසේ ම, චීනය හා සර්බියාව අතර ප්‍රථම සංස්කෘතික හුවමාරු සංසදය පසුගිය 29වැනි දා Belgrade හිදී පැවැත්විණ. දෙරටේ සංස්කෘතික හුවමාරුවල ප්‍රගමනය, දෙරටේ ශිෂ්ටාචාර පිළිබඳ සංවාද මෙන් ම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම තුළින් ජනතාව අතර අදහස් හුවමාරු කළ හැකි නව ඉඩප්‍රස්ථා පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ.