මෙම වසරේ චීන ජනපතිගේ ප්‍රථම විදේශ නිල සංචාරය පිළිබඳ ලෝකයේ ඉහළ අවධානයක්
2024-05-01 17:08:27
Share with:

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියාවේ ජනාධිපති Aleksandar Vučić, හංගේරියාවේ ජනාධිපති SULYOK Tamás, අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයන්ට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලබන 5වැනි දා සිට 10වැනි දා දක්වා එම රටවල් තුනේ නිල සංචාරයන් හි නිරත වීමට නියමිත ය.

මෙවර සංචාරය ෂී ජින්පිං මහතා මෙම වසරේ සිදු කරන ප්‍රථම විදේශ නිල සංචාරයයි. හෙතෙම ප්‍රංශයේ නිල සංචාරයේ නිරත වන තෙවන අවස්ථාව ද මෙයයි. මෙවර සහභාගී වන සර්බියා සංචාරය ඔහුගේ දෙවැනි සංචාරය වන අතර හංගේරියාවේ නිල සංචාරයක් සිදු කරන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

මෙම වසරට චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර දශක 6ක් සම්පූර්ණ වේ. ප්‍රංශයත් සමග, මෙම සංචාරය මත පදනම් ව දෙරටේ සමගිය හා සහයෝගිතාව තවදුරටත් තහවුරු කර චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව ඉහළ මට්ටමකට රැගෙන යාමට චීනය අපේක්ෂා කරයි.

සර්බියාව, චීනය සමග ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමේ ලියවිල්ලට අත්සන් තැබූ ප්‍රථම පුරෝපා රටකි. දෙරටේ ජනාධිපතිවරුන්ගේ මාර්ගෝපදේශ යටතේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සඳහා වන සහයෝගිතා තුළින් සාධනීය ප්‍රගතීන් රැසක් ද ලබා ඇත.

මෑත වසරවලදී, දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ක්‍රමෝපායික මාර්ගෝපදේශ යටතේ චීනය හා හංගේරියාව අතර සම්බන්ධතා ඉහළ මට්ටමක පැමිණ ඇත. චීන රාජ්‍ය නායකයා ලෙස ෂී ජින්පිං මහතා සිදු කිරීමට නියමිත සිය ප්‍රථම හංගේරියා නිල සංචාරය ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට වඩා වැදගත් වනු ඇත.

මෙම වසරේ සිය ප්‍රථම විදේශ සංචාරයේ ගමනාන්තයන් ලෙස ෂී ජින්පිං මහතා යුරෝපීය රටවල් තෝරා ගැනීම ලෝකයේම අවධානයට ලක් ව ඇත. ලෝක සාමය, ස්ථාවරත්වය, සමෘද්ධිය වෙනුවෙන් ප්‍රබල ශක්තියක් එක් කිරීම එහි බලාපොරොත්තුව වනු ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම