චීන ජනපතිගේ ප්‍රංශ නිල සංචාරය නිමිත්තෙන් චීන-ප්‍රංශ මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ සංසදය පැවැත්වේ
2024-05-01 15:34:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන්, චීන-ප්‍රංශ මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ සංසදය ඊයේ (30) පැරීසියේ දී පැවැත්විණ. මෙම සංසදය සඳහා චීන මහජන රාජ්‍යතාන්ත්‍රික සංගමය, චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශයේ චීන තානාපති කාර්යාලය සම අනුග්‍රහය දැක්වීය.

එහිදී චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ දේශනයක් පැවැත්වීය. චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් 2024 වසරේ ජනවාරි මාසයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සුබපැතුම් පණිවිඩ හුවමාරු කරගත් බව Shen Haixiong මහතා පැවසීය. රාජ්‍ය නායකයන් දෙපළගේ නායකත්වය යටතේ දෙරට අතර මානව හා සංස්කෘතික හුවමාරු තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. චීන මාධ්‍ය සමූහය චීන-ප්‍රංශ මිත්‍රත්වයේ කතාව විචිත්‍රවත් ලෙස ප්‍රකාශ කර ඇති අතර චීන සහ ප්‍රංශ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරයි. නව ඓතිහාසික ආරම්භක ලක්ෂ්‍යයක සිට, ප්‍රංශයේ සෑම තරාතිරමකම මිතුරන් සමග වඩා හොඳ අනාගතයක් ‍ගොඩනැඟීමට චීන මාධ්‍ය සමූහය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

චීන-ප්‍රංශ මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ සංසදයට සමගාමී ව උප සංසද හතරක් ද පවත්වා ඇත. එනම්, දේශපාලන හා ආර්ථික උප සංසදය, මානව හා සංස්කෘතික හුවමාරු උප සංසදය, තරුණ හුවමාරු උප සංසදය සහ චීන-ප්‍රංශ මාධ්‍ය සංවාදය යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම