ඇමරිකාවේ ආර්ථික විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය පහතට
2024-05-01 15:38:00
Share with:

ඇමරිකානු මහජන මත විමසුම් සමාගමක් වන Gallup විසින් නිකුත් කරන ලද නවතම මත විමසුම් ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනතාවගේ ආර්ථික විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය පහත වැටී ඇති බවයි. ඇමරිකාවේ Capitol Hill පුවත්පත ඊයේ (30) මේ බව වාර්තා කළේය.

ඇමරිකානු වැඩිහිටියන්ගෙන් 24% ක් විශ්වාස කරන්නේ ඇමරිකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ඉතා යහපත් බවයි. එමෙන්ම 32% ක් ආර්ථික තත්ත්වය සාමාන්‍ය බව පවසයි. නමුත් 44% ක ප්‍රතිශතයක් ආර්ථික තත්ත්වය යහපත් නොවන බව ප්‍රකාශ කර ඇත.

මෙම සමීක්ෂණය අප්‍රේල් මස 1වැනිදා සිට 22වැනිදා දක්වා ඇමරිකාවේ වැඩිහිටියන් 1,001කගේ සහභාගීත්වයකින් සිදු කර ති‍බේ. සමීක්ෂණය පැවැත්වෙන අතරතුර තෙල් මිල සහ උද්ධමනය ද ඉහළ ගිය අතර පොලී අනුපාතය ද ඉහළ මට්ටමක පැවතුනි. ආර්ථික තත්ත්වයන් පිළිබඳ ඇමරිකානු මහජන විශ්වාසය බිඳ වැටීමට එය දායක වන්නට ඇතැයි Gallup සමාගම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම