චීන - පේරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා
2024-04-30 10:56:57
Share with:

චීන විදේශ අමාත්‍යවරයා පේරු විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පේරු විදේශ අමාත්‍ය Javier González-Olaechea මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය බෙයිජිං අගනුවර දී ඊයේ (29) පැවැත්විණ.

පේරු රජය සමඟ දෙරට නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටින බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට පවත්වාගෙන යමින් ඉහළ මට්ටමේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය මත, අධි ගුණාත්මකභාවයෙන් යුතු පොදු ප්‍රතිලාභ සහිත සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව යි. එසේම, දෙරට පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව නව මට්ටමකට ඉහළ නැංවීම සඳහා ද ක්‍රියා කළ යුතු බව වං යී මහතා පැවසීය. පේරු රජය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමේ සාකච්ඡා හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.  

පේරු විදේශ අමාත්‍ය Javier González-Olaechea මහතා එහිදී ප්‍රකාශ කළේ, චීනය ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ චින්තනයට පේරු රජය සහයෝගය ලබාදෙන බව යි. එසේම, චීනය ලොවට හඳුන්වා දුන් ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ සංස්කෘතික යන මුලපිරුම් තුන පිළිගන්නා පේරු රජය විධිමත් ලෝක 

බහුධ‍්‍රැවකරණයට සහාය වෙයි. එසේම, සමානාත්මතාව මෙන්ම අවබෝධය සහිත පොදු ජයග්‍රහණ හිමි ආර්ථික ගෝලීයකරණයට ද තම රට සක්‍රිය ලෙස දායක වෙයි. පේරු රජය එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන බව ද පේරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම