‘කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ මාධ්‍ය ක්‍රියාකාරකම් මුලපිරුම’ නිකුත් කෙරේ
2024-04-30 10:23:40
Share with:

චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ තුන් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සාකච්ඡාව ඊයේ(29) බෙයිජිංහිදී පැවැත්විණ. ‘යහපත් දිශානගත බුද්ධිමය තාක්ෂණය-කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ මාධ්‍ය පාලනය පිළිබඳ වගකීම පොදුවේ භාර ගැනීම’ යන්න එහි තේමාව විය. ජාත්‍යන්තර සංවිධාන, දෙස් විදෙස් ප්‍රධාන මාධ්‍ය ආයතන, බුද්ධි මණ්ඩල, අන්තර් ජාතික ව්‍යාපාර යන ක්ෂේත්‍රවල නියෝජිතවරු 200කට වැඩි පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් එම සාකච්ඡාවට‍ එක්වූහ.

 නව නිෂ්පාදන ඵලදායිතාව පිළිබඳ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් මඟපෙන්වීම යටතේ චීන මාධ්‍ය සමූහය සිය නවෝත්පාදන මාධ්‍ය හැකියාව ශක්තිමත් කරමින් සංස්කෘතික හා කලා නිෂ්පාදිත නිර්මාණය කිරීම හා ඒවා ප්‍රචලිත කිරීමේ නව කාලපරිච්ඡේදයකට පිවිස ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා එම අවස්ථාවේදී පැවසීය. වටිනාකම් ඇති, වගකීම් සහගත, අඛණ්ඩව සංවර්ධනය කළ හැකි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් ඉදිරියට ගෙන යාමට මාධ්‍ය ආයතන පොදුවේ ක්‍රියා කළ  යුතු බව ද ඔහු කියා සිටියේය.

තුන් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සාකච්ඡාවේ වැදගත් ප්‍රතිඵලයක් වශයෙන්, ‘කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ මාධ්‍ය ක්‍රියාකාරකම්  මුලපිරුම’ එහිදී නිකුත් කෙරිණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අරාබි ගුවන් විදුලි ලීගයේ මහ ලේකම්වරයා, අප්‍රිකානු ගුවන් විදුලි ලීගයේ ප්‍රධාන විධායක නිලධාරියා, ලතින් ඇමරිකානු පුවත් සන්ධානයේ ප්‍රධාන කළමනාකරු, ආසියානු ගුවන් විදුලි ලීගයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා විසින් එම මුලපිරුම ඒකාබද්ධව නිකුත් කර තිබේ. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම