20 වන ජාතික මහජන කොංග්‍රසයේ මධ්‍යම කාරක සභාවේ තෙවන පූර්ණ සැසිවාරය ජූලි මාසයේදී
2024-04-30 17:43:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික මහජන කොංග්‍රසයේ මධ්‍යම කාරක සභාවේ තෙවන පූර්ණ සැසිවාරය එළඹෙන ජුලි මාසයේ බෙයිජිංහි දී පැවැත්වේ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පැවැති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

තෙවන පූර්ණ සැසිවාරයේ න්‍යාය පත්‍රයේ දැක්වෙන පරිදි, දේශපාලන කාර්යාංශයේ කාර්යභාරය මධ්‍යම කාරක සභාවට වාර්තා කෙරෙන අතර, සැසිවාරයේදී ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමටත්, චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාමේ දී ඇති විය හැකි ගැටළු පිළිබඳව ද විමර්ශනය කෙරෙනු ඇත.

දේශපාලන කාර්යාංශ රැස්වීමේ දී වර්තමාන ආර්ථික තත්ත්වය සහ ආර්ථික කටයුතු පිළිබඳ විශ්ලේෂණය කෙරුණු අතර යැංසි ග‍ඟේ ඩෙල්ටාවේ උසස් මට්ටමේ පොදු සංවර්ධනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳ ලේඛනයක් ද සාකච්ඡාවට ගෙන ඇත.

සංකීර්ණ ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් හමුවේ චීනයේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු විය යුතු බවත්, නව විද්‍යාත්මක හා තාක්ෂණික විප්ලවයක් මෙන්ම කාර්මික වෙනස්කම් ජනතාවගේ නව අපේක්ෂාවන් අනුව ක්‍රියාත්මක විය යුතු බවත් එම රැස්වීමේදී සඳහන් විය.

සමස්ත පක්ෂයේ ප්‍රතිසංස්කරණ කෙරෙහි වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙමින්, චීන නවීකරණය ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කළ යුතු බව ද එහිදී සාකච්ඡා කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම