ගගනගාමින් සහිත Shenzhou 17 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වෙයි
2024-04-30 11:22:43
Share with:

ගගනගාමින් සහිත Shenzhou 17 අභ්‍යවකාශ යානය අද(30) අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වන බව චීන අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය ප්‍රකාශ කරයි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වීමට පෙර ගොඩබිම් මෙහෙයුම් මධ්‍යස්ථාන සේවකයන්ගේ සහයෝගය සමග Shenzhou 17 යානයේ ගගනගාමී  කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තත්ත්වය සහතික කිරීම, පර්යේෂණ දත්ත සම්ප්‍රේෂණය ඇතුළු විවිධ කාර්යයන් සිදු කරමින් Shenzhou 18 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලයට අදාළ කටයුතු භාර දී තිබේ.

Shenzhou 17 යානයේ Tang Hongbo, Tang Shengjie හා Jiang Xinlin යන ගගනගාමීහූ පෘථිවියට ආපසු පැමිණෙමින් සිටිති.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම