‘ජාත්‍යන්තර කම්කරු දිනය’නිමිත්තෙන් වැඩකරන ජනතාවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-04-30 19:15:38
Share with:

‘ජාත්‍යන්තර කම්කරු දිනය’නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රටේ ශ්‍රම බලකාය වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.

මෙම වසර, නව චීනය පිහිටුවීමේ 75වැනි සංවත්සරය මෙන්ම 14වැනි ‘පස් අවුරුදු සැලැස්මේ’ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ තීරණාත්මක වසරක් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

වැඩකරන ජනතාව වෙහෙස මහන්සි වී, පරාර්ථකාමී ලෙස දායකත්වය ලබා‍ දෙමින් පක්ෂයේ හා රටේ අභිවෘද්ධිය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබේ. සෑම තරාතිරමකම පක්ෂයේ කමිටු සහ රජයන් වැඩකරන ජනතාව ගැන සැලකිල්ලක් දැක්විය යුතු අතර, කම්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ප්‍රායෝගික ලෙස ආරක්ෂා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240721ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම