කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව යළි ව්‍යාප්ත කිරීමට සැලසුම්
2024-04-30 18:33:50
Share with:

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමග ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ දී පසුගිය දා පැවති උත්සවයට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පිළිගැන්වූ ජනාධිපතිවරයා මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වනු ඇති බවටද සිය විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම