ගගනගාමින් සහිත Shenzhou 17 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය සාර්ථකව පෘථිවියට
2024-04-30 18:21:09
Share with:

බෙයිජිං වේලාවෙන් අද (30) පස්වරු 17:46 ට, ගගනගාමින් සහිත චීනයේ Shenzhou 17 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය Dongfeng ගොඩබෑමේ පිටියට සාර්ථකව ගොඩබස්වා ඇත. චීනයේ ගගනගාමින් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව ප්‍රකාශ කළේය. ගගනගාමීන් වන Tang Hongbo, Tang Shengjie සහ Jiang Xinlin යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර Shenzhou 17 ගගනගාමින් සහිත මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇත.

ගගනගාමින් සහිත Shenzhou 17 අභ්‍යවකාශ යානය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ 26වැනිදා Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කෙරිණ. පසුව එය Tianhe කෝර් මොඩියුලය සමග සම්බන්ධ විය. ගගනගාමීන් තිදෙනා දින 187ක් කක්ෂයේ රැඳී සිටි අතර එම කාලය තුළ ඔවුන් මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් දෙකක් සිදු කර ඇත. ඔවුන් ප්‍රථම වරට කක්ෂගත මොඩියුලයෙන් පිටත දී පහසුකම් නඩත්තු කිරීමේ මෙහෙයුම සම්පූර්ණ කර ඇති අතර, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දිගුකාලීන ස්ථාවර කක්ෂයේ ක්‍රියාකාරිත්වය සඳහා වටිනා දත්ත සහ අත්දැකීම් එක්රැස් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම