චීනය සහ ජෝර්ජියාව අතර අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම මැයි 28 වැනිදා සිට ක්‍රියාත්මක වේ
2024-04-30 10:36:17
Share with:

චීනය සහ ජෝර්ජියාව අතර අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම මැයි 28 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

“සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීම පිළිබඳ චීන-ජෝර්ජියා ගිවිසුම” සඳහා චීනය දේශීය අනුමත ක්‍රියා පටිපාටි සම්පූර්ණ කර ඇති බව ජෝර්ජියාවේ චීන තානාපති Zhou Qian මහතා ඊයේ (29) ජෝර්ජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Alexander Khvtisiashvili මහතා වෙත ලියවිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

එම ගිවිසුමට අනුව, චීනයේ වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හෝ ජෝර්ජියාවේ වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයන්ට එකිනෙකාගේ රටට ඇතුළුවීම, පිටවීම හෝ සංක්‍රමණය කිරීම සඳහා, එක් වරකදී උපරිම දින 30 නොඉක්මවා රැදී සිටිය හැකිය. එමෙන්ම දින 180ක් ඇතුළත කිහිපවරක් සංචාරය කරන්නේ නම් සමස්ත රැදී සිටීමේ කාලය දින 90 නොඉක්මවිය යුතුය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම