ඇමරිකාව විසින් ප්‍රකාශ කරන ලද ඊනියා “චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාව” මිනිසා විසින් සාදන ලද ව්‍යාජ ආඛ්‍යානයකි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඊනියා “චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක්” පිළිබඳ සිය කනස්සල්ල පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
Antony Blinken ගේ චීන සංචාරයේදී මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළ බව ද හෙතෙම සඳහන් කළේය.
චීනයේ විදුලි වාහන අපනයනය නිෂ්පාදනයෙන් 12%ක් වන අතර එය “නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක්” බව පැවසේ. නමුත් ජර්මනිය 80%ක්, ජපානය 50%ක් සහ ඇමරිකාව 25%ක ප්‍රතිශතයක් මෝටර් රථ නිෂ්පාදනයෙන් අපනයනය කරයි. මෙය වඩාත් බරපතල අධි ධාරිතාවක් නොවේදැයි Lin Jian මහතා ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ ඊනියා “නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක්” යන්න වෙළඳපළ විසින් නිර්වචනය කරන ලද නිගමනයක් නොව, චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය මැඩපැවැත්වීම අරමුණු කරගත් මිනිසා විසින් සාදන ලද ව්‍යාජ ආඛ්‍යානයක් සහ සර්ව-දේශපාලනික උපක්‍රමශීලී හැසිරීමක් බව හෙතෙම කියාසිටියේය.