ඇමරිකාව ලබාදුන් අවි භාවිත කරමින් ඊශ්‍රායලය මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආයතන 4 ක් සැක පළ කරයි
2024-04-30 14:15:21
Share with:

ඇමරිකාව ලබාදුන් අවි භාවිතයට ගැනීමේ දී ඊශ්‍රායලය මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආයතන 4 ක් සැක පළ කරයි. රොයිටර් පුවත්‍ සේවය ඉකුත් 27 වැනි දා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ලේඛන උපුටා දක්වමින් මේ බව හෙළි කළේ ය.

ඇමරිකාව සපයා දුන් අවි භාවිතයට ගැනීමේ දී ජගත් මානුෂීය නීතියට අනුකූල වන බවට ඊශ්‍රායලය පොරොන්දු වුව ද එම පොරොන්දු ප්‍රකාර ව ඔවුන් කටයුතු කළ බව විශ්වාස කළ නොහැකි යැයි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආයතන හතරක් පවසා ඇති බව රොයිටර් වාර්තාවේ දැක්වේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ “ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරුවන්”,“ජනගහණය, සරණාගතයන් හා සංක්‍රමණය ”,“ගෝලීය අපරාධ නීතිය”හා “ජගත් සංවිධාන”යන විෂය ක්ෂේත්‍ර බාර ආයතන හතර එක්ව මීට අදාළ ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. එම ආයතන, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන ජගත් මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් කෙරෙහි දැඩි විමසිල්ලෙන් සිටින බව ද එහි සඳහන් වේ. ඊශ්‍රායලය ඇමරිකාව සපයා දුන් අවිවලින් යළි යළිත් සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හා මානුෂීය සහන සේවකයන් මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එවන් ක්‍රියා ජගත් මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි අදාළ ලේඛනය බොහෝ සාක්ෂි හා කරුණු උපුටා දක්වමින් පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම