"ද්වි-රාජ්‍ය විසඳුම" වහාම ක්‍රියාත්මක කරන ලෙස බොහෝ මැදපෙරදිග රටවල නායකයින්ගෙන් ඉල්ලීමක්
2024-04-30 14:11:46
Share with:

ලෝක ආර්ථික සමුළුවේ විශේෂ රැස්වීමක් පසුගිය 28 හා 29වැනිදා සෞදි අරාබියේ Riyadh අගනුවරදී පැවැත්විණ. බොහෝ මැදපෙරදිග රටවල නායකයින් ඊට එක්වෙමින්, ගාසා තීරයේ සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කරන ලෙසත්, "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටි‍යහ.

ඊජිප්තු අග්‍රාමාත්‍ය Moustafa Madbouly මහතා එහිදී පෙන්වා දුන්නේ, ඕනෑම ආකාරයේ සාකච්ඡාවක් "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ නොමැති නම්, මෙම අර්බුදය කිසිදා අවසන් නොවනු ඇති බව ද ඔහු පැවසීය.  

ජෝර්දාන අග්‍රාමාත්‍ය Awn Shawkat Al-Khasawneh මහතා පෙන්වා දුන්නේ, මැදපෙරදිග කලාපය ඉදිරි වසර කිහිපය තුළ මෙම උභතෝකෝටිකයට යළි ඇද නොවැටීමට නම් "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි.

එමෙන්ම, ගැටුම අවසන් කිරීම සහ කලාපීය සාමය ඇති කිරීම සඳහා, "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කරන ලෙස සෞදි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud මහතා ද එම රැස්වීමේදී ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම