චීනය-ප්‍රංශ-යු‍රෝපා සංගමය යන ත්‍රෛපාර්ශ්වික නායක හමුවට එක්වීමට චීන ජනපති සූදානම්
2024-04-30 19:55:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැයි මාසය මුලදී නිරත වීමට නියමිත ප්‍රංශයේ නිල සංචාරය අතරතුර චීන-ප්‍රංශ-යු‍රෝපා සංගමය යන ත්‍රෛපාර්ශ්වික නායක හමුවට ද එක් වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඇරයුමකට අනුව, ෂී ජින්පිං මහතා, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා, යුරෝපා සංගම් කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග එම හමුවට එක් වන බව ඔහු පැවසීය. ප්‍රංශය, යුරෝපා පාර්ශ්වය සමග එක්ව, මෙම හමුව මත පදනම් ව චීන-යුරෝපා සබඳතාව තවදුරටත් සහතික කරනු ඇත. එමෙන්ම චීනයේ හා යුරෝපයේ සංවර්ධනය මෙන් ම ලෝක සාමය වෙනුවෙන් සාධනීය දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා එහිදී කියාසිටියේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම