“එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ෂී ජින්පිං මහතාගේ දේශන” ග්‍රන්ථයේ අරාබි පිටපත පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහනක්
2024-04-30 11:25:22
Share with:

“එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ෂී ජින්පිං මහතාගේ දේශන” නමැති ග්‍රන්ථයේ අරාබි භාෂා පිටපත පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වේ. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර දී ඊයේ (29) පැවැත්විණ. චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චීන තානාපති කාර්යාලය විසින් සත්කාරකත්වය දරන ලද එම වැඩසටහන අබුඩාබි හි අරාබි මධ්‍යස්ථානය විසින් සම-සංවිධාන කරනු ලැබීය.

අරාබි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  Ali bin Tamim මහතා එහිදී පැවසුවේ,“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ 21 වැනි සියවසේ විශිෂ්ටතම මුලපිරුම්වලින් එකක් ලෙස හඳුන්වා දිය හැකි  බව යි.  එසේම, “එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ෂී ජින්පිංගේ දේශන” නමැති ග්‍රන්ථය තත්කාලීන සේද මාවත ආලෝකවත් කරන කෘතියක් බවත්, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මිත්‍රත්වයට සවිමත් පදනමක් ඉන් සැකසෙන බවත් හෙතෙම කියාසිටියේය.

 “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ගොඩනැගීම පිළිබඳව ජනාධිපති  ෂී ජින්පිං මහතා පැවැත්වූ දේශනයන් හි අත්පිටපත්වල අරාබි පරිවර්තන මෙම කෘතියට ඇතුළත් වේ.  අරාබි පාඨකයන්ට එම වැඩපිළිවෙළ පිළිබඳ මනා දැනුමක් ඉන් සම්පාදනය කෙරෙනු ඇතැයි චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ අධ්‍යක්ෂ Du Zhanyuan මහතා එහිදී පැවසීය. මෙම කෘතිය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පිළිබඳ නිල කියවීමක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම