‘ශක්තිමත් රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය වෙනුවෙන් රටේ කම්කරුවන් මිලියන සිය ගණනක් බලමුලු ගැන්වීම’යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ ලිපිය ‘Qiushi’ සඟරාවේ පළ කෙරේ.
ඒ අනුව මෙම ලිපිය හෙට(1) දින Qiushi’සඟරාවේ 9 වැනි කලාපයේ පළ කෙරෙනු ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික සම්මේලනයෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථීර නායකත්වය යටතේ චීනයේ කම්කරු පන්තිය පක්ෂයේ හා රටේ අභිවෘද්ධිය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇතැයි එම ලිපියෙන් අවධාරණය කරයි.
එමෙන්ම ඉදිරි අදියරේ වෘත්තීය සමිතිවල කටයුතු සම්බන්ධයෙන් වන තුන් වැදෑරුම් යෝජනා එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත. වෘත්තීය සමිති සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කිරීම, නව යුගයේ නව ගමනේ දී වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ජයග්‍රහණ ලබා ගැනීමට කම්කරුවන් මිලියන සිය ගණනක් බලමුලු ගැන්වීම සහ හෘදයාංගමව හා නිත්‍යානුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ මෙහෙවරෙහි මනාව නිරත වීම යනාදිය එම යෝජනාවන්ට ඇතුළත් වේ.