චීනයේ වේගවත් සංවර්ධනයට හේතු වූ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය
2024-04-30 16:49:01
Share with:

චීනය වර්තමානයේ වේගවත් සංවර්ධන ගමනක නියැළී සිටී. එමෙන්ම ගෙවුණු දශක දෙක පිළිබඳ විමසා බැලීමේ දී උසස් ආර්ථික වර්ධනයක් ද හිමි කර ගෙන ඇත. එහිදී ජාතික ධනය මෙන්ම නිෂ්පාදනය ද විශාල වශයෙන් ඉහළ නංවා ගනිමින් ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. සමාජවා‍දී ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරමින්, සිය රටට අනන්‍ය වූ ආර්ථික මොඩලයක් තුළ චීනය ඉදිරියට ගමන් කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසයි.

සිය ආර්ථික පරිසරය තුළ විවෘතභාවය සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට චීනය සමත්ව ඇත. දේශපාලන පරිසරය සහ ආර්ථික පරිසරයට එරටට අනන්‍ය වූ ක්‍රමයන් යොදා ගැනීම හේතුවෙන් වෙළඳෙපාළ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ද හැකිව තිබේ. මේ අතර චීනය ශ්‍රම වෙළඳපොළේ අවිනිශ්චිතතාවන් මඟහරවා ගෙන, එහි ස්ථිර වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන ඇත. එහෙයින් විදේශීය ආයෝජකයින්ට වඩාත් පහසුවෙන් චීන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වී තිබේ. චීනය දැවැන්ත වෙළඳපොළක් මෙන්ම විශාල සම්පත් සම්භාරයක් හිමි රටක් වීමත් මෙහිදී ප්‍රබල ලෙස බලපා ඇත. දේශපාලනික වශයෙන් පවතින ස්ථාවරත්වය ද එරට විදේශ වෙළඳාමේ ඉහළ අතිරික්තයක් ජනිත කිරීමට හේතු වූ බව මහාචාර්යවරයා සඳහන් කරයි.

චීනයේ මෙම සංවර්ධනයට එරටට අනන්‍ය වූ ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍රමය ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඒ ඔස්සේ ගැටුම්කාරී තත්ත්වයකින් තොරව සියලු පාර්ශ්වයන්ට  ප්‍රතිලාභ හිමි වන පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ සඳහා චීන රජය සුවිශාල මෙහෙයක් ඉටු කරමින් සිටී. චීනයට අනන්‍ය මෙම ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම මගින් චීනයට ලොව විශාලතම ආර්ථිකය ලෙස තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමේ අවකාශය තිබෙන බව ද මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම