චීන-ප්‍රංශ සංස්කෘතික සබැඳියාවේ මනා පිළිඹිබුවක් වන දෙරටේ ජනපතිවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව
2024-04-30 18:18:22
Share with:

මෙම වසරට චීන-ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය යෙදී ඇත. දෙරටේ සංස්කෘතික හා සංචාර පිළිබඳ වසර ලෙස ද මෙම වසර හැඳින්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මීට පෙර පැවසුවේ චීනය හා ප්‍රංශය, පිළිවෙළින් පෙරදිග හා බටහිර ශිෂ්ටාචාරයන්ගේ අපූරු සංකේතයන් බව ය.

නව චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිට වූ ප්‍රථම බටහිර විශාල රට වූයේ ප්‍රංශය යි. ගතවූ දශක 6 තුළ, දෙරටේ මානව හුවමාරු කිසිවිටක අතපසු වී නොමැත. එමෙන්ම චීනය සමග සංස්කෘතික වසරක් ආරම්භ කර ඇති ප්‍රථම රට මෙන්ම දෙරට වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයන් ස්ථාපිත කර ඇති ප්‍රථම රට වනුයේ ප්‍රංශය යි. එසේ ම, චීනය සමග එක්ව යොවුන් සහයෝගිතා හුවමාරු ව්‍යාපෘති ක්‍රියාවට නැංවූ ප්‍රථම රට වන්නේ ද ප්‍රංශය යි. 2014 වසරේ උසස් මට්ටමේ මානව හුවමාරු ක්‍රමවේදය දෙරට ස්ථාපිත කළේය. මෙය, දෙරට අතර පවතින කේන්‍ද්‍රීය සංවාද ක්‍රමවේද තුනෙන් එකකි.

2014 වසරේ සිය ප්‍රථම ප්‍රංශ නිල සංචාරය අතරතුර, ෂී ජින්පිං මහතා UNESCO සංවිධානයේ මූලස්ථානයේ දී දේශනයක් පවත්වා චීනය හා ප්‍රංශය යන රටවල් දෙක නිදසුනක් ලෙස ගෙන ශිෂ්ටාචාරය සඳහා වන අදහස් හුවමාරුවල පවතින ගැඹුරු බව විග්‍රහ කළේය.

2019 වසරේ මාර්තු මාසයේ ෂී ජින්පිං මහතා සිය දෙවැනි ප්‍රංශ නිල සංචාරයට එක් විය. ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සිය රටේ ඉතා වැදගත් සුවිශේෂ තිළිණයක් ෂී ජින්පිං මහතාට පිරිනැමීය. එනම්, 1688 වසරේ ප්‍රංශය විසින් ප්‍රකාශයට පත් කෙරුණු “The Analects of Confucius”  කෘතිය පිළිබඳ විස්තර කෙරෙන ප්‍රංශ භාෂා අනුවාදයයි. යුරෝපය වෙත චීනයේ කොන්ෆියුසියස්වාදය සවිස්තරාත්මක ව විග්‍රහ කරන මෙම ග්‍රන්ථය, පෙරදිග හා බටහිර සංස්කෘතීන් අතර පවතින ඓතිහාසික මිතුදම හා සබැඳියාව පෙන්නුම් කරයි.

පසුගිය ජනවාරි මාසයේ, ජනාධිපතිවරු දෙදෙනා දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට පොදුවේ සුබ පැතූම් එක් කළහ. ඒ නිමිත්තෙන් පැවති පිළිගැනීමේ උළෙල වීඩියෝ ආකාරයෙන් අමතමින් ෂී ජින්පිං මහතා යළි අවධාරණය කළේ අන්‍යෝන්‍ය අවබෝධ තහවුරු කර, දෙරටේ සංස්කෘති හා සංචාරක වසර මෙන් ම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මත පදනම් ව මානව හුවමාරු හා ජනතා සුසංයෝගය සහතික කළ යුතු බවයි.

ලබන මාසයේ ෂී ජින්පිං මහතා යළිත් ප්‍රංශයේ නිල සංචාරයකට එක් වීමට නියමිතය. දෙරටේ මිතුදම නව මානයකට රැගෙන යාමට ඉන් අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම