ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කිරීමට සූදානම්
2024-04-30 18:35:05
Share with:

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට කමිටුවක් ද පත් කිරීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම