සා.පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යයන කටයුතු ඇරඹේ
2024-04-30 18:35:55
Share with:

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බව ඇමැතිවරයා ප්‍රකාශ ක‍ළේය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව ආරම්භ කිරීමේ වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (29) මේ බව කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම