Fatah සහ Hamas සංවිධාන වෙනුවෙන් චීනයේ පැවැත්වූ උපදේශන සාර්ථක වේ
2024-04-30 17:14:56
Share with:

Fatah සහ Hamas සංවිධාන වෙනුවෙන් චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්වූ උපදේශන ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීනයේ ආරාධනයෙන්, පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරයේ (Fatah) සහ ඉස්ලාමීය ප්‍රතිරෝධී සංවිධානයේ (Hamas) නියෝජිතයන් උපදේශනය වෙනුවෙන් පසුගියදා බෙයිජිං නගරය වෙත පැමිණ, පලස්තීන අභ්‍යන්තර ප්‍රතිසන්ධාන කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගැඹුරු සහ අවංක සංවාදයක් පවත්වා ඇත. එහිදී ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කරන බව Lin Jian මහතා සඳහන් කළේය. මෙම සංවාද ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටත්, පලස්තීන සමගිය සහ යළි එක්වීම කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට දෙපාර්ශ්වයම ඒකමතිකව එකඟ වූහ. පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල ජාතික අයිතීන් සුරක්ෂිත කිරීමේ සාධාරණ අරමුණ සඳහා චීනයේ ස්ථිර සහයෝගය දෙපාර්ශ්වයම බෙහෙවින් අගය කර ඇත. එමෙන්ම, පකිස්තානයේ අභ්‍යන්තර සමගිය ශක්තිමත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහයන් පිළිබඳව ද දෙපාර්ශ්වයම ස්තූතිය පුද කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම