බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනයට ස්වාධීන ආයතනයක්
2024-04-29 16:00:06
Share with:

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා  පවසයි.

එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයන කටයුතු, ගුණාත්මකභාවය, බෙදා හැරීම් සහ අලෙවිය සම්බන්ධ කටයුතු සිදු කිරීමට නියමිත අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම