ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම පැවැත්වේ
2024-04-29 11:17:45
Share with:

ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම සෞදි අරාබියේ රියාද් අගනුවර දී ඊයේ (28) ආරම්භ විය.

ගෝලීය සහයෝගීතාව, සංවර්ධනය සහ බලශක්තිය පිළිබඳව අවධානය යොමුකරන මෙම දෙදින සමුළුවේ දී ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීමෙන් ගෝලීය ආර්ථිකය ශක්තිමත්  කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වේ. රටවල් සහ කලාප 60 ක පමණ නියෝජිතයන් 220 කට අධික පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටිති.

මෙහි සමාරම්භක දේශනය පැවැත්වූ ලෝක ආර්ථික සංසදයේ සභාපති Borge Brende මහතා පැවසුවේ භූ දේශපාලනික ආතතීන් සහ සමාජ ආර්ථික විෂමතාවෙන් පුළුල් වූ ගෝලීය  මතභේද හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාවය හා සංවාදයන්හි වැදගත්කම වඩාත් ඉස්මතු වී ඇති බවයි. මෙම විශේෂ රැස්වීම ලොව පුරා සිටින සෑම තරාතිරමක ම නායකයන් මුහුණ පා සිටින අභියෝග සඳහා විකල්ප ගවේෂණය කිරීමේ අවස්ථාවක් සපයා ඇතැයි ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම